(පාලිත ආරියවංශ)
බදුල්ල ස්ප්‍රිංවැලි වත්තේ පදිංචිව සිටි විවාහක, ගැබිණි කාන්තාවක් අසනීපව ඇතැයි පවසමින් ස්ප්‍රිංවැලි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇති අතර ඇගේ ගෙල ප්‍රදේශයේ තිබු සැක සහිත තුවාලය හේතුවෙන් එය මරණයක් ලෙස සළකා විමර්ශන සිදුකරන බව බදුල්ල පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ශ්‍රී කාන්ත් ප්‍රියා නමැති 24 හැවිරිදි කාන්තාවකි.
මේ පිළිබඳව බදුල්ල මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කර ඇති අතර මහේස්ත්‍රාත් නියෝගය මත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂ වෛද්‍යවරයා නිවාඩු ලබා ඇති බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය නුවරඑළිය මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත රැගෙන ගොස් තිබේ.
නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් අද (25) නුවරඑළිය මහරෝහලේ දී මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදුකරන අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දි හෙළිවන කරුණු මත වැඩිදුර විමර්ශන සිදුකරන බව බදුල්ල පොලිසිය පවසයි.