ඩී.ජී.සුගතපාල
කොරෝනා පැතිරයාම වැළැක්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය තුල පුද්ගලයින් කොටස් හතරකට බෙදා නිරෝධායනය කිරිමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා පැවසිය.
ඒ අනුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් කොරෝනා ආසාදිතවු පුද්ගලයින් සමග සම්බන්ධතා පැවැත්වු අය වෙනම ලැයිස්තුගත කිරිමත් විදෙස් රටවල සිට පැමිණි අය වෙනම ලැයිස්තුගත කිරිමත් නිරෝධායන මධ්‍යස්ථානවල සිට පැමිණි අය වෙනම ලැයිස්තු ගත කිරිමත් පිට පළාත්වලින් පැමිණි අය වෙනම ලැයිස්තුගත කිරිමත් සිදු කෙරේ.
පොලිසිය ,යුද හමුදාව ,ප්‍රාදේශිය ලේකම් කාර්යාල සමග සම්බන්ධතාවයෙන් තොරතුරු හුවමාරු කරගනිමින් කොරෝනා පැතිර යාම වළක්වා ගැනිමටත් ඉදිරියේ ඇතිවිය හැකි ගැටලුවලට විසඳුම් ලබා දීමටත් උපරිම පියවර ගෙන ඇති බවද වෙනුර සිංගාරච්චි මහතා පැවසිය.