(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල මහ නගර සභා ඉතිහාසයේ ප්‍රථම නාගරික මන්ත්‍රීවරිය හා නියෝජ්‍ය නගරාධිපතිනිය වූ එන්.ඩී.විජේනායක (සීතා) මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
නැසී ගිය ගාල්ල ප්‍රධාන තැපැල් ස්ථානාධිපති එන්.ඩී.විජේනායක මහතාගේ බිරිඳ වූ ඇය මියයනවිට 87වන වියේ පසුවිය. විජේනායක මහත්මිය දරුවන් 06 දෙනකුගේ මවකි.
මීටියාගොඩ උපත ලබා ඇති විජේනායක මහත්මිය ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. 1979 දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ගාල්ල කොට්ඨාසයෙන් නගර සභාවට තේරීපත්වූ ඇය 1983/84 වසරවල නියෝජ්‍ය නගරාධිපති ධූරය දැරුවාය.
මියයන තුරුම ප්‍රකට සමාජ සේවිකාවක ලෙස කටයුතු කළ විජේනායක මහත්මිය ගාල්ල කොටුවේ පෞරාණිකත්වය ආරක්ෂා කරගනිමින් සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා නිවාසගත සංචාරක නිකේතන ක්‍රමය හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක නිරතවූ අයෙකි.
ගාල්ල කොටුවේ ලයිට් හවුස් විදිය අංක 65 නිවසේ දේහය තැන්පත් කර ඇති අතර හෙට (02) උදෑසන ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව පෙ.ව. 10.30ට දඩල්ල ආදාහනාගාරයේ දී අවසන්කටයුතු සිදු කිරීමට නියමිතය.