ගාල්ල ධීවර වරායේ යාත්‍රා දෙකක ගින්නක්


( ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා සහ ජේ  කේ එල් චාමින්ද )

ගාල්ල ධීවර වරායේ අලුත් වැඩියා කටයුතු සඳහා ගොඩ බිම නවතා තිබූ ධීවර යාත්‍රා දෙකක අද ඇති වූ ගින්නකින් එම යාත්‍රා දෙකටම හානි සිදු වී ඇතැයි ධීවර වරාය නීතිගත සංස්ථාව කළමනාකරු නිරංජන් දිසානායක මහතා පැවසීය.

මේ වන විට මෙම ගින්න පැතිරීම වළක්වා ගාල්ල මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සම්පූර්ණයෙන් ම පාලනය කර තිබේ.

මෙම ගින්න හේතුවෙන් ධිවර යත්‍රා දෙකේ කැබින්  අංශ වලට සහ එක් ධීවර යාත්‍රාවක බඳ කොටසට ද හානි වී ඇතැයි වරාය කළමනාකාර වරයා වැඩිදුරටත් කීය.