(රවී ලියනගේ)
කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් සඳහා අදාල ඖෂධ තැපෑල හරහා නිවෙස්වලටම ගොස් ලබා දීමේ වැඩපිළිවෙළ අද (31) ආරම්භ කළ බව ගාල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරී චමිල් වික්‍රමාරච්චි මහතා පැවසීය.
මේ යටතේ වට්ස්ඇප් හෝ ඉමෝ හරහා රාජ්‍ය ඔසුසල වෙත ලබාදෙන ලද ඖෂධ වට්ටෝරු තැපෑල හරහා නිවෙස්වලටම ලබාදීමට නියමිතය.ඒ සඳහා ඔසුසල් වට්ටෝරුවලට පමණක් රුපියල් 75 ක පමණ මුදලක් අයකෙරේ.
ඒ අනුව ගාල්ල ඔසුසලෙන් සහ ගාල්ල කරාපිටිය රෝහලෙන් භාරදෙන ලද ඖෂධ නිවෙස්වලටම ලබාදීමට ගාල්ල තැපැල් කාර්යාලයේ සේවකයින් අද පියවර ගෙන තිබුණි.