(ඩී.ජී.සුගතපාල)
ගාල්ල අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදි ඊයේ (30) සිදු කරන පි.සී.ආර්.පරික්ෂණයේදි නඩු කටයුත්තකට පැමිණි සිටි කාන්තාවකට කෙරෝනා ආසාදනයවි ඇති බවට අද(01) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් පවසයි.
ගාල්ල ඇත්තිලිගොඩ පදිංචි 60 හැවිරිදි මෙම කාන්තාව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදි අහඹු ලෙස පී.සි.ආර්.පරික්ෂණයට යොමු කරන ලද කාන්තාවකි.
දකුණු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජංගම රසායනාගාරය පැමිණ අධිකරණවල නිලධාරින් ද පොලිස් නිලධාරින්ද නිතිඥවරුන්ද ඇතුලු නඩු කටයුතු සඳහා පැමිණ සිටි පිරිසෙන් අහඹුලෙස තෝරා ගන්නා ලද පුද්ගලයින්ද ඇතුලු 313කගේ පමණ පී.සී.ආර්.පරික්ෂණ සිදු කර ඇත.
මෙම කාන්තාව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරිමට නියමිතව බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසිය.