(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයින් හය දෙනෙකු අද (02) ගාල්ල කරාපිටිය රෝහලට සහ ඉමදූව රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.
වෑන් රථයක් , ත්‍රී රෝද රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කීය.
ගාල්ල දෙස සිට පැමිණි වෑන් රථය අකුරැස්ස දෙසින් පැමිණි ත්‍රී රෝද රථයේ ගැටී ඇති අතර පසුව විසි වී ගිය ත්‍රී රෝද රථය පිටුපසින් පැමිණි යතුරු පැදියේ ද ගැටී තිබේ.
යතුරු පැදිකරුගේ තත්ත්වය බරපතල නොවන අතර ත්‍රී රෝද රථයේ පැමිණි පිරිස තුවාල ලබා ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රීරෝද රථය තුළ සිටි වයස අවුරුදු 04 ක පමණ දරුවෙකු සුළු තුවාල ලබා තිබේ.
ත්‍රී රෝද රථයේ සිව් දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් සිව් දෙනාම මෙම අනතුරින් තුවාල ලබා ඇත. වෑන් රථයේ රියදුරු සහ යතුරු පැදිකරු මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
රෝහල් ගත කරන ලද තුවාලකරුවන් ගෙන් ත්‍රී රෝද රථයේ පැමිණි කාන්තවකගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.




