(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ ග්‍රේට්වෙස්ටන් රක්ෂිතයේ අද (12) හටගත් ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සහය ලබාගත් බව තලවකැලේ පොලිසිය පැවසීය.
කඳුවැටියේ ස්කල්පා කොටස ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති බවත් කඳුවැටියේ විශාල ප්‍රදේශයක් පුරා එම ගින්න පැතිරී ගොස් ඇති බවත් ග්‍රේට්වෙස්ටන් වත්තේ වතු කම්කරුවෝ පැවසූහ.
ගින්න පාලනය කිරීමට වන සංරක්ෂන නිලධාරීන් සහ වතු කම්කරුවන් උත්සහ කළ බවත් එය අසීරු වීම හේතුවෙන් බෙල් 212 හෙලිකොප්ටර් යානයක සහය ලබා ගැනීමට කටයුතු කළ බව ආපදා කලමනාකරණ ඒකකයේ නිලධාරියෙකු පැවසීය.
පසුගිය 09 වැනිදාත් ග්‍රේට්වෙස්ටන් කඳුවැටිය ගිනි ගැනීමකට ලක් වූ අතර එහෙදී අක්කර 25 කට අධික කොටසක් විනාශවී ගිය බවද ඔවුහු පැවසූහ.
ග්‍රේට්වෙස්ටන් කඳුවැටිය ජල උල්පත් රැසක ආරම්භක කඳුවැටිය බවත් මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් වතු කම්කරුවෝ කියති.