ගසක් කඩා වැටීමෙන් බදුල්ල මහියංගන මාර්ගයේ ගමනා ගමනයට බාධා


(නිශාන්ත කුමාර)

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අසල තිබූ දැවැන්ත සියඹලා ගසක්   අද (23)  සවස ඇදහැලුනු ධාරානිපාත වර්ෂාවත් සමඟ මාර්ගය වෙත කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ලවී ඇති බව මීගහකිවුල පොලිසිය පවසයි.

සියඹලා ගස කඩා වැටීමෙන් එම ස්ථානයේ තිබූ බස් නැවතුම්පළට,  වෙළද සැලකට , දුරකතන රැහැන් පද්ධතියකට  හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයේ මුර කුටියකට බරපතළ හානි සිදු ව ඇති බව පොලිසිය කීය.

ගස කඩා වැටෙන අවස්ථාවේ   බස් නැවතුම්පොලේ කිසිවෙකු නොසිටි අතර මුර කුටියේ සිටි මුරකරුද කිසියම් අවශ්‍යතාවක් සඳහා පිටතට ගොස් සිටීම හේතුවෙන්  අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව පොලිසිය කීය

අධික වර්ෂාව හේතුවෙන් සවස 6.45  පමණ වන විටත් ගස ඉවත් කිරීමට පියවර ගෙන  නොතිබිණි.