ගසක අත්තක් හිසට වැටී පුද්ගලයෙකු මරුට


(ශාන්ත චන්ද්‍රසිරි)
 
කපන ලද ගසක් බිමට පතිතවීමේදී එහි අත්තක් හිසට වැටීම නිසා තලවකැලේ, ග්‍රෙස්වෙස්ටන් වත්තේ වතු කම්කරුවෙකු එම ස්ථානයේදීම අද (11) ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

 
මෙසේ මිය ගොස් ඇත්තේ තලවකැලේ ග්‍රෙස්වෙස්ටන් වත්තේ පදිංචි රාසු චන්ද්‍රබොස් (40) හැවිරිදි තිදරු පියෙකි.
 
කොන්ත්‍රාත්කරුවන් පිරිසක් විසින් වත්තේ කර්පන්ටයින් ගස් කපමින් සිටියදි මෙම පුද්ගලයා එම ගස්වලින් දර ඇහිදීමට ගොස් ඇති අතර එහිදී මෙම  අනතුරට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
 
මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර ලිඳුල රෝහලට රැගෙන ගොස් ඇති අතර තලවකැලේ පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.