(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ගල්කිරියාගම රෝහල් භූමියේ ඉදිකෙරුණු ඖෂධ ගබඩාව, හදිසි ප්‍රතිකාර ඒකකය හා ආඩියාගල රෝහලේ අංග සම්පූර්ණ හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත් කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද(01) සිදුකෙරිණි.
ගල්කිරියාගම ප්‍රාදේශීය රෝහලට ඖෂධ ගබඩා කර තබා ගැනීමට පහසුකම් සහිත ගබඩාවක් නොමැතිවීමේ අඩුව සපුරාලමින් නවීන පහසුකම් සහිතව, වායූ සමනය කළ ඖෂධ ගබඩාවක් සහ හදිසි ප්‍රතිකාර ඒකකය මෙලෙස ජනතා අයිතියට පත් කිරීම සිදුවිය.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතවරු, වෛද්‍ය හා හෙද කාර්යය මණ්ඩලය, රාජ්‍යය නිලධාරීහු, ප්‍රදේශවාසීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.