(වයි .ඒ.එස්.විරවංශ )
බළංගොඩ පින්නවල පොලිසිය කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාධිත තුවක්කුවක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත්බව පින්නවල පොලිසිය කියයි .සැකකරු අද (06) බළංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් .කිරීමට නියමිතව තිබිණි .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පින්නවල අමුවතුගොඩ පදිංචි (35) හැවිරිදි පුද්ගලයෙකි . පින්නවල පොලිසියේ ස්ථාධිපති එස් පි.අමරතුංග මහතාගේ උපදෙස් මත වැඩි විමර්ශන සිදුකෙරේ.