ගලකින් හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි


(ඌරගස්මංහන්දිය අමරසිරි රණසිංහ)
කොස්ගොඩ බාංවැල්ගොඩ ප්‍රදේශයේදී අද (18) ගලකින් හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි.

මිය ගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය බෝගහවෙල පදිංචි ඩී. කේ. දිනේෂ් කුමාර නැමති 34 වියැති තරුණයෙකි.

සිද්ධියට සම්බන්ධ කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නාලක ජයවීර මහතා ඇතුළු නිලධාරීහු සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ කටයුතු සිදුකරති.

මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සඳහා බලපිටිය මූලික රෝහල වෙත යොමු කරන ලෙස බලපිටිය මහේත්‍රාත්වරයා නියෝගකර ඇත.