(දයාරත්න ඇඹෝගම)
පහළ යාං ඔය ව්‍යාපෘතිය නිසා ගම්බිම් අහිමි වු ගම්වාසින් පිරිසක් තමන්ට කඩිනමින් වන්දි මුදල් සහ කන්න වන්දි ලබා දෙන ලෙස ඉල්ලා අද (26) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කඩා වැදී හු හඬ තබමින් විරෝධතාවක නිරත වුහ.
පහළ යාං ඔය ව්‍යාපෘතිය නිසා සිය ඉඩම් අහිමි වු අලියාකඩ,මාවතගම,වාගොල්ලාකඩ සහ ඇලපත්වැව යන ගම්වාසින් මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.
ගම්වාසින් විසින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පහළ මාලයට එකවරම ඇතුළු වී දෙවැනි මහලේ පිහිටි දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල කාමරයට පිවිසීමට තැත් කිරිමේදී ආරක්ෂක සේවයේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයන් සමඟ උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවිය.
මිට හේතු වුයේ ගම්වාසින්ට ඉහළ මාලයට යාමට නොහැකි වන ආකාරයට සිවිල් ආරක්ෂක භටයන් පියගැට පෙළ ආවරණය කරගෙන සිටිමේ හේතුවෙනි. ගම්වාසින් ඔවුන්ගේ විරෝධය නොතකා හු හඬ තබමින් දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල කාමරය ඉදිරිපිට එක් රොක් විය.