(කාංචන කුමාර ආරියදාස)
ඇදිරි නීතිය සහ අලුත් අවුරුදු උදාවත් සමඟ ගම්වැදුණු පහළොස් දෙනෙකුගෙන් යුත් වන අලි කණ්ඩායමක් ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශයට අයත් හබරත්තාවල සහ නවාගස් හින්න යන ගම්මාන දෙකේ භෝග විශාල වශයෙන් විනාශ කර දමා ඇතැයි ගොවීහු කියති.
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම්ව මෙම ගම්මාන දෙක පිහිටා තිබේ.
කෙසෙල් ,පොල් ,ගෝවා ,කරවිල ,කොස්, කැකිරි ආදී එළවළු වගාවන් විශාල වශයෙන් රැයවල් දෙකකින් විනාශ කර දැමූ බව ගොවීන් පෙන්වා දෙති.
එක පුද්ගලයෙකුගේ පමණක් ඉඩමේ තිබූ පොල් ගස් 110 එක රැයකින් විනාශ කර ඇත.
ගම්මාන දෙකේම පොල් ගස් 350ක් පමණ සම්පුර්ණයෙන් විනාශ කර ඇති බව ඔවුහු පවසති.
ගල්කිරියාගම ප්‍රදේශයේ සිට මෙම වන අලි රංචුව සිංහල අලුත් අවුරුදු උදාවත් සමඟ ගම් වැදීමට පටන් ගත් බවත් මේ වන තුරුත් ග්‍රාමසේවක නිලධාරියා හෝ වනජීවී නිලධාරීන් හෝ කිසිදු වගකිව යුතු අයකු සොයා බැලීමකට වත් නොපැමිණි බවට ද ගම්මුන් චෝදනා කරති.
රටේ ආහාර අර්බුදයක් පවතින අවස්ථාවක අක්කර සිය ගණනාවක අස්වනු නෙලීමට ඇති මෙම භව භෝග මිනිසුන්ගේ පරිභෝජනයට ලබාගැනීමට ආසන්නව තිබියදී මේ ආකාරයෙන් විනාශ වීම නිසා ගොවීන් ආර්ථික වශයෙන් හානියට ලක්ව රටේ ජනතාවට ද ආහාර බවට පත් නොවූ බව ගොවීන් කියති.
ො
ගල්කිරියාගම වනජීවී කලාපයට අයත් මෙම ප්‍රදේශ වල සිටින 15 කින් යුත් වන අලි රංචුව පලවා හැර ඉතිරි බෝග ටිකවත් බේරා දෙන්නැයි ගොවීහු වනජීවී අමාත්‍යංශයෙන් ඉල්ලීමක් ද කර සිටිති.