( තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් රියදුරු සහ කොන්දොස්තර මහතුන් 4000 ක පමණ පිරිසකට රජය මගින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා දීමට කටයුතු කෙරෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සදහන් කරයි.
කොරෝනා තත්ත්වය මත පෞද්ගලික බස් රියදුරු සහ කොන්දොස්තර මහතුන් පත්ව සිටින අපහසුතාවය මත සහනාධාර මුදලක් ලබා දෙන ලෙසට එම අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස දීමනාව ලබාදීමට පියවර ගෙන ඇති බව බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය කුමාර රත්නායක මහතා පැවසීය.
මෙම සේවක මහතුන්ගේ පවුල්වල ආර්ථික තත්ත්වය අනුව ඔවුන් පදිංචි ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරී වරුන් හරහා තොරතුරු ලබා ගනිමින් අදාල කොට්ඨාසයන්හි ප්‍රාදේශීය ලේකම් වරුන් මාර්ගයෙන් සහනාධාරය ලබා දීමට නියමිතය.
ගම්පහ පෞද්ගලික බස් රියදුරු - කොන්දොස්තරුන්ට 5000ක දීමනාවක්
Recommended Articles