(තිලකරත්න දිසානායක)
පවතින කොරෝනා වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා ගම්පහ මහ නගර සභාව මගින් කොරෝනා මර්දනය කිරීමේ බලකායක් ආරම්භ කළ බව පුරපති එරංග සේනානායක මහතා සදහන් කළේය.
ජනතාව දැනුවත් කිරීම තුලින් රෝගයට ගොදුරු නොවී සිටීම පිනිස අවශ්‍ය උපදෙස් ලබා දීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මේ යටතේ සිදු කෙරෙන බව පුරපතිවරයා පැවසීය.
මෙම බලකායට නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනෙකුගේ අධීක්ෂණය මත සාමාජිකයින් 10 දෙනෙකු අයත් වන අතර මෙම පිරිස විසින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගනු ලබන බවද හෙතෙම සඳහන් කළේය.
බලකායෙහි සාමාජිකයින් ජනතාව අතරට යමින් ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම , නිසියාකාරයෙන් මුව ආවරණ පැළදීම පිළිබඳව දැනුවත් කිරීම , මීටරයකට වඩා දුරස්ථභාවය තබා ගනිමින් කටයුතු කිරීම , ජනතාව ගැවසෙන ස්ථාන නිතර විෂබීජහරණ කිරීම මෙන්ම අත් පත්‍රිකා බෙදාදීම සිදු කෙරෙන බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් නගර සභා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා පැවසීය.
මෙම බලකායෙහි කටයුතු ලබන සදුදා ( 14 ) දිනයේ සිට ආරම්භ කිරීමට නගර සභාව කටයුතු යොදා ඇත.