ගම්පහ ගණිකා නිවාසයක් වටලයි


(තිලකරත්න දිසානායක)
 
ගම්පහ  කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වැටලු ගම්පහ මුලස්ථාන පොලීසිය එහි සිටි බව කියන ටෙලි නිළියක ඇතුළු කාන්තාවන් හය දෙනෙකු සහ එහි කළමනාකරු ඇතුළු පිරමින් අට දෙනෙකු  සැකපිට අත් අඩංගූවට ගෙන ඇත.
 
මෙම හෝටලයේ  විවිධ අපචාර ක්‍රියාවන් සිදුවන බවට ලැබී ඇති තොරතුරු මත ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් හා සහකාර පොලිස් අධිකාරී සේනාපති සිල්වා මහතාගේ අධීක්ෂණය පරිදි ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන්  හෝටලය වැටලු අවස්ථාවේ අත් අඩංගූවට පත් මෙම කාන්තාවන් පිරිස අවුරුදු  30 - 40 අතර වයසේ පසුවන්නියන් බවත් ඔවුන් නිට්ටඹුව , ගණේමුල්ල ,යාගොඩ , සියඹලාපෙ සහ දෙල්ගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් බවත් අනාවරණය වී තිබේ.
 
හෝටලය පවත්වා ගෙන ගොස් ඇති බව කියන 39 හැවිරිදි යාගොඩ ප්‍රදේශයෙහි පදිංචි කරුවෙකු සහ 28 හැවිරිදි සේවකයෙකුද මෙහිදී අත් අඩංගූවට ගෙන ඇත. 
 
මෙම ස්ථානයෙහි කැරොකෙ සමාජ ශාලාවක්ද පවත්වා ගෙන ගොස් ඇති බවත් ඊට ඇතුලුවීම පිනිස රුපියල් 500 ක මුදලක් අය කෙරෙන බවත් හෙළිවු බවද පොලීසිය කියයි.  මෙහි බලපත් දීර්ඝ කර  ගැනීමකින් තොරව මත්පැන් අලෙවි සලක් සහ බලපත් රහිතව සමාජ ශාලාවද පවත්වා ගෙන ගොස් ඇති බවද හෙලිවු බවත් පොලීසිය පවසයි.