(තිලකරත්න දිසානායක)
කටුනායක ගුවන් තොටුපලේ පිරිසිදු කරන්නියක ලෙස කටයුතු කළ තැනැත්තියක් කොරෝනා ආසාදිත තත්ත්වයෙන් පසුවන බව සොයා ගැනීමෙන් පසුව ගුවන් තොටුපොල ආපන ශාලාවෙහි සේවය කරන ගම්පහ, මිරිස්වත්ත පදිංචි 26 හැවිරිදි තැනැත්තියක්ද ස්වයං නිරෝධානයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
කොරෝනා ආසාදිත තත්ත්වයෙන් පසුවන තැනැත්තිය ආපන ශාලාවට ද ගොස් ඇති බැවින් ආපන ශාලාවෙහි සේවය කළ 16 දෙනා ස්වයං නිරෝධායනයට ලක් කිරීම යටතේ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතාගේ උපදෙස් මත ගම්පහ , මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම තැනැත්තිය සමග ඇයගේ මව,පියා සහ සොහොයුරා මෙලෙස එම අය පදිංචි නිවස තුල දින 14 ක කාලයක් නිරෝධානය කිරීමට අද (8) පියවර ගනු ලැබීය.
මිරිස්වත්ත ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා විසින් මෙම පවුල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගනු ලැබූ අතර පළමුව දින 14 ක් සහ යළි දැනුම් දීමක් කරන තුරු නිවසින් බැහැරව නොයන ලෙස සහ අසල්වාසීන් ඇසුරු නොකරන ලෙසට දැනුවත් කරමින් වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමටද කටයුතු කළේය.
ගම්පහ, මිරිස්වත්ත පවුලක් ස්වයං නිරෝධායනයට
Recommended Articles