ගම්පහ දිස්ත්‍රික්කය සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 15 ක් වටලා 49 දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවෝ 49 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 7 දෙනකු සිටිති.
සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා නිවාස පවත්වාගෙන යන බවට බස්නාහිර පළාත් උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ලැබුණු තොරතුරක් අනුව දිසා බුද්ධි අංශයේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කර තිබේ.
මෙම කාන්තාවන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පදිරිංචිකාරියන් වන අතර වයස අවුරුදු 18 සහ 45 අතර පසුවන්නියන් බවද පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර පළාත් උතුරු දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්කෝන් මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර තිබේ.
(36698)