ගජමුතු ළඟ තබා ගත් 7දෙනෙකුට ඇප


(වසන්ත චන්ද්‍රපාල)
 
අම්පාර කල්මුණ ඉමිය මුහුදුබඩ මාර්ගයේදී ගජමුතු 5 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා මුදල් ඇපයක් සහ ශරීර ඇප දෙකක් මත අද(02) නිදහස් කිරීමට කල්මුණේ මහේස්ත්‍රාත් අයි. එම්. රිස්වාන් මහතා නියෝග කළේය.
 
එක් සැකකරුවෙකුට රුපියල් 50,000ක  මුදල් ඇපයක් බැගින් සහ ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔවුන් නිදහස්  කර තිබේ.
 
මෙම  පිරිස කින්නිය සහ කන්තලේ පදිංචිකරුවෝ වෙති.
 
නාවික හමුදා බුද්ධි නිලධාරින් ලද ඔත්තුවක් අනුව ගජමුතු විකිණීමට සූදානම්ව සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ  නිලධාරින් මෙම වැටලීම කර  ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබිණි.
 
මෙම ගජමුතු වල බර ග්‍රෑම් 57 කි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා කල්මුනේ පොලීසියට භාරදීමෙන් පසුව කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කර තිබේ. එහිදී ඔවුන් ඇප මත මුදාහැර ඇත.