ගජමුතු දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට


(ඉන්දිකා  රාමනායක)

මිලකල නෙහැකි  ගජමුතු දෙකක්  යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කරදියනාරු  පෙරියපිල්ලුමලේ  විශේෂ කාර්ය  බලකායේ  නිලධාරීන්ගේ අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ගෙන්  ලද තොරතුරකට අනුව මඩකලපුව  වව්වතීව්  කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එස්. ඊබ්‍රහිම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ  (28)  පස්වරුවේ  මෙම  වැටලීමක් සිදුකර ඇත.

ගජමුතු දෙකක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි අඩංගුවට ගෙන ඇත්තේ මහඔය  සමඟිපුර,  ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29, 52 අතර පුද්ගලයන් දෙදෙනෙකි.

 අත්අඩංගුවට සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මඩකලපුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත.