ගංජා පාර්සලයක් ළඟ තබාගෙන සිටි කාන්තාවකට දඩ


(නිශාන්ත කුමාර)
 
අලවි කිරීම සඳහා ගංජා පාර්සලයක් ලඟ තබාගෙන සිටි කාන්තාවකට අද (29) බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා රුපියල් 5,000 ක දඩයක් නියම කළේය.
 

මෙම කාන්තාව අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළබව කන්දකැටිය පොලිසිය පැවසීය.
 
බදුල්ල අරාව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට මෙලෙස දඩ නියම කර තිබේ.