(නිශාන්ත කුමාර)
ගංජා පාර්සලයක් ළඟ තබා සිටි පාසල් සිසුවකු ඇතුළු දෙදෙනෙකු අද(17) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි පාසල් සිසුවෙකු සහ අවුරුදු 29 ක තරුණයෙකි.
ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ පොලිසිය ඔවුන් පරීක්ෂා කිරීමේදී ගංජා පාර්සලය හමුවී ඇත.
සොයාගත් ගංජා ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැත.
කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

