(නිශාන්ත කුමාර)
අලෙවි කිරීම සඳහා ගංජා පාර්සලයක් ළඟ තබාගෙන සිටි කාන්තාවක මීගහකිවුල අරාව ප්‍රදේශයේදී අද ( 29 ) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 39 ක කාන්තාවකි.
පොලීසිය ලද තොරතුරක් මත කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකාරිය අද (29) බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

