ගංජා තොගයක් සමඟ පුද්ගලයින් 6දෙනෙකු අත්අඩංගුවට


(නිශාන්ත කුමාර)

ගිරාඳුරුකෝට්ට පොලිස් වසමට අයත් ගල්පෝරුයාය අගලඔය ප්‍රදේශයේදී අද (27) සිදුකළ හදිසි මෙහෙයුමකදී  නීති විරෝධී අයුරින් ගංජා තොගයක්  ළඟ තබාගෙන සිටි පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගත්බව ගිරාඳුරුකෝට්ට පොලිසිය පවසයි.

ගංජා සන්තකයේ තබාගෙන සිටින පිරිසක් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී  මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ  ගල්පෝරුයාය හා අගලඔය ප්‍රදේශ්වල පදිංචි අවුරුදු 17 ත් 25 ත් අතර වයස්වල පසුවන   තරුණ පිරිසක් බව පොලිසිය සඳහන් කළේය‍ෙ