ගංජා කිලෝ 50ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට


(අනීෂා මානගේ)

උඩවලව නාලියවන රක්ෂිතයේ වාඩියක් තුළදී වියළි ගංජා තොගයක් උරවලට දමමින් සිටි සැකකරුවන් දෙදෙනකු අද (29) අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්යය බලකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීයෙකු පැවසීය.

වියළි ගංජා කිලෝග්‍රෑම් 50 යි ග්‍රෑම් 500 ක් මොවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ

‍අත්අඩංගුවට ගත් දෙදෙනා තණමල්විල ප්‍රදේශයේ පදිංචි 19 සහ 20 හැවිරිදි පුද්ගලයන්ය.

වාඩිය ආසන්නයේ වගා කර තිබූ කංසා හේන් තුනක් පුළුස්සා විනාශ කිරීමටද එම බලකායේ නිලධාරීහු සමත්වූහ.

අක්කර කාලක භූමි ප්‍රමාණයක වගා කර තිබූ අඩි දෙකහමාරක් පමණ උසැති කංසා පැළ 1500 ක්, පර්චස් 20 ක වගා කර තිබූ අඩි බාගයක් පමණ උසැති පැළ 1000 ක්, අක්කර බාගයක අඩි හයක් පමණ වන පැළ 1500 ක් සහ අඩි 12 ක් පමණ උසැති පැළ 1000 ක් මෙලෙස විනාශ කර තිබේ.