කෝවිලේ පිළිමය සොයා දෙන්නැයි ඉල්ලා වතු කම්කරුවෝ වැඩ වරති


ඩබ්ලිව්.ඒ. අසේල‍
 
හේවාහැට - හෝප්වත්ත ශ්‍රී රාමන්කෝවිලේ තිබූ වසර 91ක්  පමණ පැරණි රාම පිළිරුව ඊයේ (4) කිසියම් පුද්ගලයෙකු විසින් සොරා ගෙන ගොස්  තිබේ. 
 

1924 වසරේ ඉන්දියාවේ සිට වැඩම කොට ඇති මෙම පිළිමය රත්රන් තඹ පිත්තල මිශ්‍ර අඩි දෙකහමාරක් පමණ උස වටිනා පිළිමයකි.
 
තමන් පුද පූජා පවත්වන පිළිමය සොයා දෙන ලෙසත් සොරකම් කළ පුද්ගලයින්ට දඩුවම් ලබාදෙන ලෙසත් ඉල්ලා හෝප්වත්තේ සේවය කරන කම්කරුවන් තුන්සියයකට අධික පිරිසක් අද (05) වැඩ වර්ජනයක් දියත් කොට තිබුණි. 
 
එම හේතුවෙන් හෝප්වත්තේ වැඩ කටයුතු අඩාල වීමක්ද සිදිවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හගුරන්කෙත පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.