අනුරාධපුර ගුවන්තොටු පොළට නුදුරු ඉසුරුපුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට කෝටි 11ක ගංජා ගෙන ආ බව කියන තණමල්විල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම ගංජා ප්‍රවාහනයට යොදාගත් බස් රථයේ හිමිකරු වන්නේ ද මෙම සැකකරුව බව පොලිසිය පවසයි.
පසුගිය 17 වැනි දා ඉසුරුපුර නිවාඩු නිකේතනයක තිබියදී මෙම ගංජා තොගය සොයාගත්තේ. රඳවා තබා ගැනීමේ නියෝගයක් මත සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කරන බව ද පොලිසිය පවසයි.

