කොළඹ වරායෙන් බියර් සොරාගත් අයෙකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මාලදිවයිනට ප්‍රති අපනය කිරීම සඳහා, කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේ බහාලුම්වල ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා බියර් කෑන් තොගයක් සොරාගත් පුද්ගලයකු කොටහේන ගබඩාවකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
 
එම සැකකරු සමඟ බියර් ටින් 1200ක් පොලිසිය බාරයට ගෙන ඇත.
 
සැකකරු වරායේ තාවකාලික රියදුරකු බවත්, සිංගප්පූරුවේ සිට මාලදිවයිනට ප්‍රති අපනයනය කිරීම සඳහා තබා තිබියදී බහාලුම් දෙකක  මුද්‍රා කඩාගෙන සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
 
මෙම සොරකම සඳහා තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සම්බන්ධව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
 
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රේගු නිවාරණ අංශයේ නිලධාරීන්ට බාර දී ඇත.