කොළඹ මහනගර සභාවෙන් ආහාර මල්ලක් නොමිලේ දෙන්න යයි


(ජයන්ත සමරකෝන්)

කොළඹ මහනගර සභා සීමාවේ පදිංචි  ජනතාවට  අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත මලු 50,000ක්  නොමිලේ බෙදා දීමට කොළඹ මහනගර සභාව  මගින් පියවර ගෙන තිබේ.
 
ඒ අනුව හෙට(27) නාගරික මන්ත්‍රීවරුන් 119 කට මෙම වියලි සළාක මලු 400 බැගින් ලබා දී ඔවුන් හරහා ජනතාවට ලබා දීමට නියමිතය.
 
නගරික කොට්ඨාස 41 යටතේ මෙම සළාක මලු බෙදා දීම සිදු කෙරේ .
 
එක් සලාක මල්ලක වටිනාකම රුපියල් 3000 ක් පමණ වන බව  කොළඹ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා පැවසීය.
 
කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරේ.