කොළඹ මහ නගර සභාවේ අනියම් සේවකයින් 425 කට ස්තීර පත්වීම්



කොළඹ මහා නගර සභාවේ  සේවයේ  නියුක්තව සිටි අනියම්  සේවකයින් 425 ක්  ස්ථිර සේවයේ පිහිටුවමින්  පත්වීම් ලිපි ප්‍රධානය කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


නියෝජ්‍ය නගරාධිපති  එම්.ටී.එම් ඉක්මාල් මහතා ,  නගර සභා මන්ත්‍රීවරු නාගරික කොමසාරිස් ලලිත්  වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.