(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහතාගේ සේවා කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සන්දේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් කීවේය.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කන්නංගර මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් පසුගිය ආණ්ඩුවේ ඇමතිවරු කිහිපදෙනෙක් ඔහු ඉන් ඉවත් කිරීමට දැඩි වෙහෙසක් දැරූහ.
ඔහුගේ සේවා කාලය ඉකුත් නොවැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව තිබූ නමුත් මැතිවරණ කටයුතු නිමවනතෙක් ඔහුට රාජකාරී කිරීමට මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය හිමිව තිබුණි.

