කොස්ලන්ද රක්ෂිතයේ ගින්නකින් අක්කර 100 ක් විනාශයි



 
       
(ඩී.කේ.රත්න)
 
හල්දුම්මුල්ල කොස්ලන්ද දියලූම රක්ෂිතයේ අද (23) අලූයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර සියයක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.


මෙම ගින්න හේතුවෙන් මෙම රක්ෂිතයේ තිබූ ඉතා වටිනා ඖෂධ පැලෑටි රාශියක් වටිනා ශාක විශේෂ රැසක් සහ සත්ව විශේෂ රැසක් ද විනාශ වෙන්නට ඇතැයි පොලීසිය කියයි.


කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය කියයි.


කොස්ලන්ද පොලීසිය දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහ ප‍්‍රදේශවාසීන්ගේ සහයෝගය මත මෙම ගින්න නිවා දමා තිබේ.


බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් දයාසිරි මහතාගේ අධීක්ෂණය යටතේ මෙම රක්ෂිතයට ගිනි ලැබූ පුද්ලයින් සොයා පරීක්ෂණ සිදු කරයි.