එෆ්.අස්ලම් සහ විජයරත්න රත්නායක
ඌව පළාත්බද මහාධිකරණ විනිසුරු නිල නිවසේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයකුගේ මුහුණට කතුරකින් ඇණ තුවාල සිදුකිරීමේ සිද්ධියකට එම නිල නිවසේම රාජකාරියේ යොදවා සිටි තවත් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව බදුල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ (6) බදුල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
සිකුරාදා (5) රාත්‍රීයේ විනිසුරුවරයාගේ නිල නිවසේ රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයකු බීමතින් සිටින බවට පොලිසියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙලෙස කතුරු පහරට ලක්ව තුවාල ලබා ඇත්තේ බදුල්ල මූලස්ථාන පොලිසියට අනියුක්තව සේවය කරන ඩී.එම්.සෝමපාල නැමති පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
පොලිස් නිලධාරීන් දෙදෙනා අතර ඇතිවූ මෙම ගැටුම සම්බන්ධයෙන් බදුල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.