(දිලීප් ජයසේකර)
නිවැසියන් බියගන්වා රන් ආභරණ ඇතුළු දේපළ රැසක් කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයෙකු සුරියවැව නගඩගස්වැව ප්‍රදේශයේදී අද (18) අත්අඩංගුවට ගත්බව සුරියවැව පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නවනගරය , ඇඹිළිපිටිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි.
සුරියවැව නමඩගස්වැව හන්දිය අසල බෑගයක් කරේ දමාගෙන සැකකටයුතු ලෙස මාර්ගය අසල රැදී සිටි පුද්ගලයෙකු මාර්ග පරීක්ෂාවේ යෙදුණු සුරියවැව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගේ ගමන් බෑගයේ තිබී ජංගම දුරකතන 05 ක් , මුදලින් රුපියල් එක්ලක්ෂ විසි දෙදහසක් , සිම් කාඩ් 18 ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය වී ඇත්තේ සැකකරු පසුගිය දින කිහිපයේ තණමල්විල පොලිස් ප්‍රදේශයේ නිවාස කිහිපයක නිවැසියන් බියගන්වා දේපළ හා රන් ආභරණ කොල්ලකා ඇති බවයි.
කොල්ලකන ලද දේපළ අතර මුදල් , රන් ආභරණ , යතුරුපැදි , රූපවාහිණී යන්ත්‍ර ද වන බව පොලිසිය කීය.
සැකකරු බන්ධනාගාරයේ සිට පලාවිත් සැඟවී සිටින පුද්ගලයෙකු සමඟ මෙම මංකොල් කෑම්වල නිරත වී ඇති බව පොලිසිය කීය.
සැකකරු මංකොල්ල කන ලද රන් මාල දෙකක් සුරියවැව නගරයේ පිහිටි පෞද්ගලික රන් ආභරණ වෙළද සැලකට උගස් කර රුපියල් එක්ලක්ෂ දසදහසක් ලබාගෙන තිබේ.