ඩී.ජී.සුගතපාල
කොළඹ කොටහේන ප්‍රදේශයේදි ඉකුත් 16 වනදින සොයාගත් කොරෝනා ආසාදිත කාන්තාවගේ ගිංතොට වටරැක ප්‍රදේශයේ සිටින ඥාති පුතෙකු සහ ඔහුගේ පවුලේ අය ඊයේ (18) සිට නිරෝධායනයට යොමු කල බව බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ නිරෝධායනයට යොමු කරන ලද පුද්ගලයා ආරක්ෂක හමුදාවක සේවය කරනු ලබන අතර ඉකුත් 14 වනදින ගමට යාම සඳහා යතුරු පැදිය ලබා ගැනිමට කොළඹ පුංචි අම්මාගේ නිවසට ගොස් ඇත.
එසේ ගොස් එම නිවසින් ආහාර පානද ලබාගෙන පැමිණ ඇති අතර එයට දින දෙකකට පසු පුංචි අම්මාට කොරෝනා ආසාදිතවි ඇති බව දැනගෙන තිබේ.
ඔහු ඒ බව තමාගේ කඳවුරට දැනුම්දිමෙන් පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ උපදෙස් පරිදි මෙසේ නිරෝධායනයට යොමු කර ඇත.
මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ ඔහු ආගිය අසල් වැසි නිවාස සහ ඇසුරු කර ඇති පුද්ගලයින් පිළිබඳවද සොයා බලන බවයි.
කොරෝනා ආසාදිත කාන්තාවගේ ඥාති පුතා නිරෝධායනයට
Recommended Articles