කොන්ක්‍රීට් ලෑල්ලක් හිසට වැටි සිසුවෙක් මරුට


(කේෂර ගුණතිලක  )
 
බඩල්කුඹුර කොටමුදුන ඇලකන්ද ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවෙකු  අද (12) මුළුතැන්ගෙයි කොන්ක්‍රීට් ලෑල්ලක් හිස මතට කඩා වැටීමෙන්  මියගොස් ඇතැයි ඇතැයි පස්සර පොලීසිය පවසයි.
 
මියගොස්  ඇත්තේ කොටමුදුන පොලිස් වසමට අයත් පස්සර කොටමුදුන පදිංචි කොටමුදුන මහා විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ සඳරුවන් තිසර නැමති සිසුවෙකි.
 
මහවැස්සත් සමඟ නිවසේ මුළුතැන්ගෙයි කොන්ක්‍රීට් ලෑල්ලක් (චිමිනියේ) හිස මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා පස්සර මූලික රෝහලට ඇතුලත් කරන විටදී මෙම සිසුවා මියගොස් සිටි බවට මූලික පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
 
සිද්ධිය පිළිබඳව පස්සර පොලීසිය පරීක්ෂණ පවත්වයි.