(ශාන්ත චන්ද්‍රසිරි)
ඉහළ කොත්මලා ජලාශයේ පාවෙමින් තිබු තරුණයකුගේ මළ සිරුරක් අද (16) සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි.
මෙම මළ සිරුර දික්ඔය, දික්ඔය වත්තේ පදිංචිව සිටි කාලීස්වරන් නන්දකුමාර (24) නැමැත්තෙකුගේ බවට තොරතුරු ලැබී ඇතැයි තලවකැලේ පොලීසිය කියයි.
ඉහළ කොත්මලා ජලාශයේ දුම්රිය මාර්ග පාලම අසල තිබියදී මෙම මළ සිරුර පොලීසිය විසින් සොයා ගෙන තිබේ.සොයා ගන්නාවිට මළ සිරුරු බෙහෙවින් නරක්වී තිබු අතර, නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කරනු ලබන ස්ථානීය පරීක්ෂණයෙන් පසුව අධිකරණ මරණ පරීක්ෂණය නුවරඑළිය මහ රෝහල වෙත රැගෙන යාමට කටයුතු සිදු කරනු ලබන බව පොලීසිය පවසයි.
මෙම සිද්ධිය පිළිබදව තලවකැලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.




