කොටුව පාවෙන වෙළඳ සංකීර්ණය පිළිසකර කරන්න අගමැතිගෙන් උපදෙස්


(නාලක සංජීව දහනායක)

කොළඹ කොටුව පාවෙන වෙළද සංකීර්ණය කඩිනමින් පිළිසකර කරන ලෙස  අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත.

පසුගිය වසර හතරහමාරක කාලය තුලදී මෙම වෙළද සැල් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා මේ වනවිට වෙළදසැල් රාශීයක් වාසාදමා ඇත. එමෙන්ම පාවෙන වෙළදසැල් තිබෙන ඇලෙහි ජලය අපිරිසිදුවීම නිසා පසුගිය කාලයේදී පාරිසරික ප‍්‍රශ්නද මතුව තිබුණි.

එවකට ආරක්‍ෂක ලේකම්වරයා වූ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංඛල්පයක් අනුව පාවෙන වෙළද සංකීර්ණය 2014 වසරේදී ආරම්භ කෙරිණ. 

වෙළදසැල් 103න් සමන්විත මෙම වෙළද සංකීර්ණය ආරම්භ කිරීම සදහා රුපියල් මිලියන 312ක මුදලක් වියදම්ව ඇත. එම සම්පූර්ණ මුදලම වසර පහකින් අය කරගැනීමටද නාගරික සංවර්ධන අධිකාරිය සැළසුම්කර තිබිණ. එමෙන්ම මෙම වෙළද සංකීර්ණයේ ආරක්‍ෂාව සදහා යුද්ධ හමුදාව යෙදවීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.