කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ඡන්ම දිනය වෙනුවෙන් බෝධි පූජාමය පිංකමක්


(එච්.එච් ධර්මපාල)

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ 87 වැනි ඡන්ම දිනය නිමිත කරගෙන අටවිසි බෝධි පූජාමය පිංකමක් අද පස්වරුවේ ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පූජ්‍ය දික්වැල්ලේ ධම්මික හිමියන් බෝධිපූජා පිංකම මෙහෙයවූ අතර විහාරාධිකාරී ආචාර්ය මැදවච්චියේ ධම්ම ජෝති හිමි ඇතුළු සංඝරත්නය සහ හිටපු අමාත්‍ය අමරපුර නිකායේ මහා ලේකම් ආර්.ඒ.ඩී සිරිසේන මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.