(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
පවතින කොරෝනා වසංගතයත් සමග ආහාර හිගයක් ඇති වුවහොත් ඒ සදහා මුහුණ දිමට හිමිනමක් ගම්වැසියන් පිරිසක් සමඟ එක්වි කැලැවට ගිය බිමක් ගොවි බිමක් බවට පත් කිරිම සදහා වෙහෙසෙමින් සිටිති.
ආණමඩුව කොට්ටුකච්චිය කිවුල කටුව විහාරස්ථානයේ විහාරාධිපති කොට්ටුකච්චියේ උත්තරා නන්ද හිමියන් තම ගම් වැසියන් සමග එක්වි අක්කර 10 කට ආසන්න කැලැවට වැසි තිබු බිමක් සමුහ ගොවිපලක් ලෙස සකස් කරමින් සිටින අයුරු දැක ගත හැකි විණි.
ගම්වැසියන් පවසන්නේ කොරෝනා වසංගතය හමුවේ නිවෙස් වලට වි කාලය විනාශ නොකර රජයේ ආරක්ෂීත ක්‍රමවේදයන්ට අනුව මේ වන විට කලක් කැලැවෙන් වැසි තිබු බිමක් මේ වන විට එලිපෙහෙලි වෙන බවයි .
එසේම ඉදිරි දින කිපය තුළදි මෙහි එළවළ වර්ග සේම ධාන්‍ය වර්ග වගා කිරිමට සුදානම් වන බවය.
මේ පිළිබදව අදහස් දක්වමින් සිටි කොට්ටුකච්චියේ උත්තරානන්ද හිමියන් පවසා සිටියේ මෙවැන්නකී
“ගමේ තරුණ පිරිසත් මැදි වියේ පිරිසත් කාලය කා නොදමා මේ වාගේ කටයුත්තකට යොමු වෙමු කියලා මම ආරාධනා කලාම එක පයින්ම සියලු දෙනා එකගතාවය දැක්වුවා .
මේ වන විට කැළැව එළි පෙහෙලි කර අවසන් මේ ගොවිපලට අවශ්‍ය ජලයත් ඉඩමට උඩින් තිබෙන වැවෙන් ලබා ගන්න හැකියාව තිබේනවා ඒ නිසා අපිට ජල ගැටළුවක් නැති වෙයි .
අපේ අරමුණ ගමේ මිනිසුන්ට මේ මේ ගොවිපලෙන් එළවළු , පළතුරු වගේම ධාන්‍ය ටිකක් ලබා දිමයි .අපේ අරමුණ ජය ගන්න අපිට පුළුවන් ඒ හිමියන් පැවසිය.