කොට්ටුකච්චිය ගල්කුලම කිරිවැවත් කැඩෙයි


හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
ආණමඩුව කොට්ටුකච්චිය ගල්කුලම කිරි වැව ඊයේ (10) සවස කැඩී යාමෙන් පසු මේ වන විට  දැවැන්ත ජල කදක් ගලා යමින් ඇති බව ජනතාව පවසයි. 


කිරි වැව වසර 100 පමණ පැරණි කුඩා වැවක් වන අතර පසුගිය නියඟයෙන් පසුව වසර තුනකට පසු නැවත පිරි ඉතිරි තිබියදි ඉකුත් (9) සිට නැවත ඇද හැලෙන මහ වැස්සෙන් පසු බැම්ම සොරෝව්ව ආසන්නයෙන් කැඩී ගොස් ඇත්තේ සොරොව්ව ආසන්නයෙන් බව ගොවීහු පවසති.


වෑකන්ද කැඩී ගිය ස්ථානයෙන් නිතර නිතර වල් අලින් ගමන් කිරිමේ මාර්ගයක් ලෙස සැකසී තිබු බවත් යම් හෙයකින් වෑ කන්ද පිපිරිමකට ලක්ව තිබි පසුව පිපිරි යන්නට ඇතැයි කියයි.


මේ පිළිබඳව ජනතාව ආණමඩුව ප්‍රාදේශීය ලේකම් සහ පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයට දන්වා ඇති බව කියයි. වෑකන්ද කැඩී යාමේන් පහළ ගම්මාන වලට බලපෑමක් නොමැති බවද කියයි.