කොටවෙහෙර 28 දෙනකු පිසීආර් පරීක්ෂණයට


(ප්‍රියානි මංගලිකා )

කොටවෙහෙර දිගන්නෑව ප්‍රදේශයෙන් වාර්ථා වූ කොරෝනා ආසාධිත  නාවික භටයා ලඟින් ඇසුරු කළ 28 දෙදෙනෙකු පී .සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකළ බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

වැලිසර නාවික කඳවුරේ සිට නිවාඩු ලබා තම නිවසට පැමිණි නාවික භටයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත්  සමග ඔහු ලඟින් ඇසුරු කල නෑසියන් සහ අසල්.වැසියන් මෙලෙස පරීක්ෂණ සඳහා යොමු කලබවද ,ඇසුරු කල පුද්ගලයින් සොයා තව දුරටත් විමර්ශන සිදු කරණ බවද ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.