(ජේ.කේ.එල් චාමින්ද)
කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හල් 23ක් විවෘත කර ඉන් 50% ක පමණ වැඩකටයුතු මේ වනවිට සිදුකරගෙන යන බැව් කොග්ගල අයෝජන ප්‍රවර්ධන කළාපයේ කළාප අධ්‍යක්ෂක ගාමිණි දහනායක මහතා පවසයි.
කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කළාපයේ සේවක සේවිකාවන් 15200ක් පමන සේවය කරන අතර ඊයේ දිනය (29) තුල සේවක සේවිකාවන් 7250ක් සේවයට වාර්තාකර ඇති බවද කළාප අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
සේවා මුර දෙකක් යටතේ සේවක සේවිකාවන් සේවයේ යොදවා ඇති බවත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ මෙම කමහල්වල කටයුතු සිදුකරගෙන යන බවද කළාප අධ්‍යක්ෂක ගාමිණි දහනායක මහතා සදහන් කළේය.
කොග්ගල වෙළද කලාපයේ සියයට 50ක වැඩ අරඹයි
Recommended Articles