(චමිල් රුපසිංහ)
මහනුවර ඇසළ පෙරහැර සමයේ විකිණීම සඳහා ගෙන එන ලද කොකේන් මත්ද්‍රව්‍ය හා තවත් මත්පෙති 6ක් සමඟ සැකකරුවෙකු මහනුවර දිසා දූෂණ මර්ධන අංශය අද (20) හීරැස්සගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබි කොකේන් ග්‍රෑම් 8 හා මිලිග්‍රෑම් 830ක් සොයා ගත් මහනුවර දිසා දූෂණ මර්ධන අංශය කියයි.
මෙම සැකකරු මසකට රුපියල් 30,000ක කුලියක් ගෙවමින් නිවසක් හීරැස්සගල ප්‍රදේශයෙන් ගෙන එහි සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති බව පොලීසිය කියයි.
සැකකරු හා භාණ්ඩ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර දිසා දූෂණ මර්ධන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.