කේරළ ගංජා සමඟ දෙන්නෙක් අත්අඩංගුවට


(එච්. චන්දන )

පුත්තලම හා ඒ අවට ප්‍රදේශයට අලෙවි කිරීමට රැගෙනවිත්  තිබූ කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය කියයි.


මුන්දලම පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව දින ගණනාවක් කළ නිරීක්ෂණ කිරීමකදී  මදුරන්කුලිය කනමූල්   මාර්ගයේ සිවිල් ඇදුමින් මග රැකවල්ලා සිටි පොලිස් නිළධාරින්ට යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි මෙම කේරල ගංජා කිලෝ 8 යි ග්‍රෑම් 500 සමඟ පියා සහ පුතා මෙලෙස අත් අඩංගුවට පත්වී තිබේ.

මෙහිදී  විවිධ පරිමාණයෙන් කේරල ගංජා පාර්සල් 04 ක් පොහොර උරයක සගවාගෙන රැගෙන යන අවස්ථාවේ මෙලෙස අත් අඩංගුවට පත්වී ඇති බවත් ල දකුණු ඉන්දියාවේ සිට හොර රහසේ රැගෙන විත් මුහුදු මාර්ගයේ ඔස්සේ රහසිගතව මෙම සැකකරුවන් අතට පත්වී ඇති බවත් ප්‍රදේශය පුරා බෙදා හැරීමට පොල් වත්තක සැඟවීමට යන අතර තුර මෙලෙස අත් අඩංගුවට පත්වී තිබේ.

මෙම ගංජා පැකට් ඉතා කුඩා ග්‍රෑම් 01 පැකට්ටුවක් රැපියල් 300කට අලෙවි කර ඇති බවත් මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම ලක්ෂ 10 ආසන්න බව පොලීසිය සඳහන් කරයි.