ජේ. කේ. එල් චාමින්ද
හික්කඩුව තිරාණගම ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 02ක් හා ග්‍රෑම් 550ක් සමඟ ගංජා ජාවාරමේ නිරත තිදරු මවක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්ධන අංශය පවසයි.
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 03ක් පමණ වන බව පොලිසිය පවසයි.
වැටලීම කරන අවස්ථාවේ සැකකාර කාන්තාව විසින් නිවස පිටුපස ප්ලාස්ටික් බැරලයක වළදමා තිබූ ගංජා තොගය පැකට් කිරීම සඳහා කොටස්කරමින් සිටි බව පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව මීට පෙරද ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් තැනැත්තියක බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.