කුලියාපිටියේ ළිඳක තිබී පුද්ගල මළ සිරුරක්


(දිනේෂ් උපේන්ද්‍ර)                                                                   

කුලියාපිටිය වට්ටක්කාවත්ත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ මළ සිරුරක් එම ප‍්‍රදේශයේම පිහිටි ළිඳක තිබී අද (02) සොයා ගත් බව කුලියාපිටිය පොලිසිය පැවැසීය.

මෙසේ මියගොස් ඇත්තේ වයඹ විද්‍යාපීඨයේ සේවය කරන 46 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය.

මොහු යාබද ඉඩමක පිහිටි ආරාමයක් සඳහා ළිඳක් සෑදීමේ කොන්ත‍්‍රාත්තුවක් ගෙන කටයුතු සිදුකරමින් සිටි බවත්  නිවසට නොපැමිණීම සම්බන්ධව නිවැසියන් සොයාබලා ඇති අතර පසුව පොලිසියට දැනුම් දී තිබේ.

එම පුද්ගලයාගේ පාවහන් ළිඳෙහි පාවෙමින් තිබෙනු දැක ඇති පුද්ගලයෙකු ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.‍

මෘත දේහයේ මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණය කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් කැලූම් හෙට්ටිගමගේ මහතා විසින් සිදුකළ අතර සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරන ලෙසට එහිදී කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබිණි.