කුරුණෑගල ප්‍රා.සබේත් අයවැය සම්මතයි


පුෂ්පකුමාර ජයරත්න
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ 2019 වසර සඳහා ප්‍රථම අයවැය වාර්තාව අද (29) ඉදිරිපත් කරන ලද අවස්ථාවට විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සහභාගී නොවූහ.

මේ හේතුවෙන් ඔවුන් සඳහා අයවැයෙන් වෙන්කර තිබූ රුපියල් මිලියන 7 බැගින් වූ මුදල් ප්‍රතිපාදන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර බෙදාදීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා තීරණය කළේය.

අයවැයට පක්ෂව ඡන්ද 13ක්ද විපක්ෂව එක් ඡන්දයක්ද ලැබීමෙන්, වැඩි ඡන්ද 12කින් අයවැය සභා සම්මත විය.

විපක්ෂ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අටදෙනාම අයවැය අවස්ථාවට සහභාගී වූ අතර ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී රනුක සනංජය මහතා පමණක් සහභාගී විය. 

කුරුණෑගල මහ නගර සභා ඉතිහාසයේ අයවැයක් ඉදිරිපත් කරන ලද අවස්ථාවක් විපක්ෂයේ මන්ත්‍රීවරු වර්ජනය කළ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂ කරුණකි.